අදත් හවසට නෝක්කාඩුවක්

නොවැ 17, 2023
    දිවයිනේ බොහෝ පළාත්වල අද (17) පස්වරු 1.00න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා.

    බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල සහ උතුරු පළාතේ උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකිය.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News