අදත් වහිනවද?

නොවැ 08, 2023
    දිවයිනේ බොහෝ ප්රදේශවල අදත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, මධ්යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. උතුරු සහ නැගෙනහිර පළාත්වලද උදෑසන කාලයේද වැසි ඇති වනවා.

    ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්වයක්ද පවතිනවා.
     
    අධික වැසි හේතුවෙන් රාජාංගනය ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. එහි වාන් දොරටු 30 න් 6 ක් විවෘත කෙරුණා. වාන් දොරටු දෙකක් අඩි තුන බැගින්ද දොරටු 4 ක් අඩි දෙක බැගින්ද විවෘත කර තිබෙනවා. ඉන් තත්පරයට ඝන අඩි 4000 කජල ධාරිතාවක් කලාඔයට මුදා හැරෙන බවයි ජලාශය බාර වාරි ඉංජිනේරුවරයා පවසන්නේ.

    Latest News