අද කාලගුණය බලමුද?

සැප් 18, 2023

    බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකිය.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි.

    නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Last modified on සදුදා, 18 සැප්තැම්බර් 2023 08:37

    Latest News