අදත් වැසි වාර කිහිපයක්

සැප් 15, 2023

    දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් අද (15) දිනයේ විටින්විට වැසි ඇති වෙයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ සබරගමුව සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

    ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40 - 45) ක පමණ තරමක තද සුළං ද ඇති විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

    Latest News