"ස්මාර්ට් නගරය" ටෙලිකොම් පෙර ගමනක්

මාර් 27, 2019

    ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමේ "ස්මාර්ට් නගරය" ව්‍යාපෘතිය පොලොන්නරුවෙන් ආරම්බ කිරිමට සැලසුම් කර තිබේ.

    පොළොන්නරුවේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය හා සමාජ ප්‍රගතිය වේගවත් කිරීම තුළින් ස්මාර්ට් සෞඛ්‍ය, ස්මාර්ට් අධ්‍යාපනය සහ ස්මාර්ට් ප්‍රවාහන සංකල්පය හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන මහතා පවසයි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දිවයින පුරා අතිශය වේගවත් ෆයිබර් ඔප්ටික් සම්බන්ධතාවයකින් ආවරණය වන පරිදි ස්මාර්ට් නගරය සංකල්පය සැලසුම් කර ඇති බව සිරිසේන මහතා පැවසීය. මේ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට එය උපකාරී වේ.

    රජයේ සුපිරි නාගර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ ස්මාට් අධ්‍යාපනයට සක්‍රීයව රැහැන් රහිත සම්බන්ධතාවයකින් පාසල් 2500 ක් සම්බන්ධ වේ. මෙම ව්‍යාපෘතින් හි මුලික සාකච්ඡාවන් අවසන් කර ඇති අතර මේ වසරේදී මෙම පාසල් සම්බන්ධ කිරීමට රජය අපේක්ෂාවෙන් සිටි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය දිවයින පුරා Smart Grids සහ Smart Meters ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇති බවත් ඔහු පෙන්වා දේ.

    Last modified on බදාදා, 27 මාර්තු 2019 11:53

    Latest News