ඉතිරි ඇපල් ගෙඩියත් චීනයට නව නිෂ්පාදනයක් (වීඩියෝ)

මාර් 13, 2019

    පළතුරු අස්වැන්න ඇති කාලෙට පළතුරු අතිරික්තයක් ඇතිවීම සෑම රටක්ම මුහුණ දෙන යථාර්තයක්.

    මේ තත්වය අපට විශාල වශයෙන් බලපාන අතර අපගේ නිෂ්පාදකයින් මෙන්ම වගාකරුවන් එයින් දුෂ්කරතාවන්ට පත්වේ. මෙම තතත්වය රටක් වශයෙන් මෙන්ම සමාජයක් වශයෙන් ද ගත් කළ සම්පත් නාස්තිවිමක්. මෙයින් කාලය, ශ්‍රමය මෙන්ම ආර්ථික වශයෙන්ද පරිහානියක් .

    එහෙත් ලෝකයේ බොහෝ රටවල් මේ සඳහ විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කරනු ලබන්නේ තමන්ගේ රටේ සහ ආර්ථික ප්‍රතිපත්ති අනුවයි. ශ්‍රි ලංකාවේ පසු අස්වනු ආරක්ෂ කිරිමට ශිතාගාර ඉදිරි කිරිම ආරම්බ කර තිබේ. එහෙත් එතනින් එහා ගිය ව්‍යාපෘති සඳහා ලෝකයේ සෙසු රටවල් අද වන විට යොමුවී සිටි.

    මේ තත්වයෙන් මිදිමට චිනය අනුගමන කරන ක්‍රියා මාර්ග මොනවාද ?

    applechina px 900 19 03 13

    චීනය ඇතුළු රටවල් කීපයක් පළතුරු වියළා ආහාරයට ගැනීම වගේම ඒ ඇසුරෙන් විවිධ නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කරනු ලබයි. මේ අනුව චිනයේ පසු අස්වනු ආරක්ෂා කිරිමට ගන්නා උත්සහය තුලින් හොඳ නිෂ්පාදන කාර්මාන්තයක් ගොඩනැගි තිබේ. චීනයේ ෂැන්දුන් පළාතේ ඇපල් කර්මාන්ත ශාලාවක් නිෂ්පාදන අපතේ යාමට ලබදුන් විකල්ප වැඩපිළිවෙල තමයි ඇපල් වියලා විවිධ නිෂ්පාදන ශ්‍රී ලංකාව ඇතුළු රටවලට අපනයනය කිරිමට ක්‍රියාත්මකවීම. එම තාක්ෂණය ශ්‍රී ලංකාවටත් ඉතා හොඳින් ගැලපේ. එයට හේතුව ශ්‍රී ලංකාවත් රසවත් පළතුරු වලින් පිරුණු රටක් නිසාවෙනි. මේ අනුව මෙම කර්මාන්තයේ සිටින්නට හොඳ ආදායම් මාර්ගයක් වගේම අස්වනු ආරක්ෂා කිරිමට හොඳ විකල්පයක්.

    applechina2 px 900 19 03 13

    එසේ නම් අපගේ නිෂ්පාදන හැකියාවන් සහ ආයෝජන හැකියාවන් ඇති අය මේ වැනි අවස්ථාවන් වෙත යොමු විය යුතුවේ. එය චිනයට වාගේම අපටත් අලුත් රැකියාවන් උත්පාදනය වන, ආදායම් මෙන්ම අපනයන අවස්ථාවන් බිහිවන මාර්ගයක් වනු ඇති.

    applechina5 px 900 19 03 13

    Last modified on බදාදා, 13 මාර්තු 2019 14:59

    Latest News