ජාත්‍යාන්තර වෛද්‍ය උපකරණ කාර්මාන්තයක් බණ්ඩාරගමට

මාර් 11, 2019

    ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජනයක් සහිත ෆ්ලෙක්සි කෙයාර් වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිරිකිරිම් අද ආරම්භ කෙරිණ.

    එක්සත් රාජධානියේ ෆ්ලෙක්සි කෙයාර් සමූහයේ පූර්ණ හිමිකාරිත්වය සහිත ෆ්ලෙක්සි කෙයාර් ලංකා සමාගම නවීන පහසුකම් රැසක් සමන්විත වේ. එය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත වයාපෘතියකි.

    සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න සහ විදුලි බල ශක්ති සහ ව්‍යාපාරසංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එයට මුල්ගල තැබීම සිදුකෙරිණ. කුඹුක පාර, රයිගම, බණ්ඩාරගම යන ස්ථානයේදී එය ඉදිකෙරේ.

    මෙම කර්මාන්ත ශාලාවෙන් නිපදවන වෛද්‍ය උපකරණ සහ උපාංග වලින් 90% කට වැඩි ප්‍රමාණයක් අපනයනය කිරිම සිදුවේ. මේ තුළින් සේවකයින් 600 කට රැකියා සැපයෙන අතර දිර්ඝ කාලීනව ශ්‍රි ලංකාවට විදේශ විනිමය ගෙනඒමට සමත්වනු ඇති.

    Flexicare සමාගම එක්සත් රාජධානිය තුළ ආරම්භ කර මේ වසර 30 ක් පමන වේ. එක්සත් රාජධානියේ වෛද්‍ය උපාංග නිෂ්පාදන සමාගමට අනුබද්ධිත සමාගම් 12 ක් ලොවපුරා ක්‍රියාත්මකවේ. එය ජාත්‍යාන්තරය පිළිගත්, නවෝත්පාදක සහ නිපැයුම්කරුවෙකු බවට පතවි සිටින ෆ්ලෙක්සි කෙයාර් සමාගම ලොව පුරා රටවල් 110 නිෂ්පාදන අලෙවි කරයි.

    මෙම ව්‍යාපෘතිය ජාතික ආර්ථිකයේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සපයනු ලබන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා"දැක්ම 2025" සම්බන්ධ රජයේ දිගුකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරිවේ.

    bandaragamafactory1 px 900

    Latest News