කොළඹ කොටස් වෙළෙඳපොළේ ධනාත්මක වර්ධනයක්

මැයි 18, 2022

    ශ්‍රී ලංකා රුපියලේ අගය සහ කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (17) ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ.

    එක්සත් ජනපද ඩොලරයට ගෙවනු ලබන ශ්‍රී ලංකා රුපියලේ අගය මේ මස 12 වැනිදා විශාල ලෙස ඉහළ ගොස් ඇත. එදින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 377.50ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළ අතර එහි ගැනුම් මිල රුපියල් 364.23ක් ලෙස දැක්විය.

    එවැනි ඉහළ මට්ටමක පැවති ඩොලරයේ විකුණුම් මිල ඊයේ (17) රුපියල් 364.73ක් සහ ගැනුම් මිල රුපියල් 354.70ක් විය. ඒ අනුව ගතවූ දින කිහිපය තුළ ඩොලරයට ගෙවූ රුපියලේ අගය දළ වශයෙන් රුපියල් 11ත් - 12ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇත.

    මෙවැනි තත්ත්වයක් සමඟින් රුපියල ස්ථාවර වෙද්දී කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය සහ පිරිවැටුම ධනාත්මක වර්ධනයක් වාර්තා කොට තිබේ.

    ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 8457.65 දක්වා ඒකක 359.24කින් ඉහළ ගොස් තිබෙන අතර එස්.ඇන්ඩ්.පී. දර්ශකය ඒකක 147.50ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 2809.81ක් දක්වා ඉහළ ගොස් ඇත. එහි වර්ධනය සියයට 5.54කි.

    ඊයේ (17) කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.75කි.

    Latest News