චීනය 130 වැනි 'කැන්ටන්' ප්‍රදර්ශනයට සූදානම්

සැප් 14, 2021

    130 වැනි චීන ආනයන - අපනයන ප්‍රදර්ශනය හෙවත් 'කැන්ටන්' ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 15 වැනිදා චීනයේ  ගුවාංෂු (Guangzhou) නගරයේ දී ආරම්භ වීමට නියමිතයි. 

    “ජාත්‍යන්තර හා දේශීය සංසරනය” යන තේමාව යටතේ මාර්ගත හා මාර්ගත නොවන ලෙස පැවැත්වෙන ප්‍රදර්ශනයේ කාණ්ඩ 16ක් සඳහා ප්‍රදර්ශන කලාප 51ක් ස්ථාපිත කෙරෙනු ඇති.

    දෙස් - විදෙස් උසස් තත්ත්වයේ සැපයුම්කරුවන් 25,000කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගි වනු ඇතැයි, අපේක්‍ෂා කෙරේ.

    මෙවර කැන්ටන් ප්‍රදර්ශනය දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ද්විත්ව උපායන්ගෙන් සමන්විත වෙයි.  ඒ අනුව රටවල් හා ප්‍රදේශ 40ක " මාර්‍ගගත ප්‍රවර්ධන " 52ක් ක්‍රියාත්මක කෙරේ. 

    විදේශීය අරමුදල් සපයන ව්‍යවසායන් සහ දේශීය ගැණුම්කරුවන් ඇතුළු ප්‍රසම්පාදන නියෝජිතයන්ට මාර්‍ගගත ක්‍රමයෙන් බැහැරව ඊට සහභාගී වීමට ආරාධනා කර තිබේ. 

     

    රූපවාහිනී වාර්තාකරු - මෝතිලාල් හිල්ඇල්ල 

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Last modified on අඟහරුවාදා, 14 සැප්තැම්බර් 2021 13:08

    Latest News