LOLC ඓතිහාසික වාර්තාවක් සනිටුහන් කරයි

ජූනි 03, 2021

    LOLC සමූහය ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඓතිහාසික වාර්තාවක් සනිටුහන් කරමින් රුපියල් බිලියන 57ක බදු පෙර ලාභයක් වාර්තා කර තිබේ. ඒ 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වසර තුළයි.

    ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන LOLC අදාළ කාලසීමාවේ දී රුපියල් බිලියන 57ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 53ක බදු ගෙවීම් පසු ලාභයක් අත්කර ගෙන සිටියි.

    ඒ එම ඉලක්කය කරා ළඟ වූ දිවයිනේ ප්‍රථම ආයතනය බවට පත් වෙමින්.

    ඒ අනූව, ශ්‍රී ලංකාවේ ආයතනික අංශ ඉතිහාසයේ මහා පරිමාණ ලාභ දායිතාවක් මෙලෙස අත්කර ගැනීමෙන් LOLC සමූහය මෙරට ඉහළම ලාභදායිතාවක් සහිත සමාගම් සමූහය ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් සිය ප්‍රමුඛස්ථානය යළි තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.

    එමගින් LOLC ලොව විශාලතම ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වේදිකාවක් ලෙස ස්ථාපනය වී තිබේ.

    Latest News