2020 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුආන් ට්‍රිලියන 101.6ක්

මාර් 01, 2021

    චීන ජාතික සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ඊයේ (28) නිකුත් කළ 2020 වසරේ චීන ජාතික ආර්ථීක හා සමාජීය සංවර්ධන සංඛ්‍යාලේඛණ වාර්තාවේ මේ බව දැක්වේ.

    එය 2019 වසරට සාපේක්ෂව සියයට 2.3කින් වැඩි වී තිබේ.

    මූළික සංඛ්‍යාලේඛණ දත්ත වලට අනුව, 2020 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 101.5986 කි.

    ඉන් පළමු දෙවන හා තුන් වන කර්මාන්ත වල වර්ධන වේගයන් වෙන් වෙන්ව සියයට 3ක්, සියයට 2.6ක් හා සියයට 2.1ක් ලෙසට වර්ධනය වී ඇත.

    සමස්ත වසරේ පරිභෝජන වැයකිරීම්, දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධනයට දැක්වූ දායකත්වය සියයට 0.5කින් අඩු විය.

    භාණ්ඩ හා සේවා අපනයන මගින් දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධනයට සියයට 0.7ක දායකත්වයක් දක්වා ඇත.

    ඊට අමතරව, පසුගිය වසරේ චීනයේ නාගරික විරැකියා අනුපාතය සියයට 5.2කි.

    සමස්ත වසරේ පරිභෝගික මිල 2019 වසර හා සැසඳීමේදී සියයට 2.5කින් ඉහළ ගොස් ඇත.

    පසුගිය වසර අවසානයේදී චීන ජාතික විදේශ විනිමය සංචිතය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 3.22ක් වන අතර එය 2019 වසරේ අවසානයට සාපේක්ෂව බිලියන 108.6 කින් වැඩි වී තිබේ.

    Latest News