GSP සහනය යටතේ අපනයනය වැඩි කළ හැකි අංශ හඳුනාගැනේ

පෙබ 22, 2021

    ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය තවත් ඉහළ නැංවීමට අවධානය යොමුවී තිබෙනවා.

    ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ තානාපති රවිනාත ආර්යසිංහ මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සදහා ඇමරිකා සහකාර වෙළද නියෝජිත කිස්ටෝපර් ඩිල්සන් මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්විය.

    ජී එස් පී සහනය යටතේ තවත් පුළුල් වශයෙන් ඇමරිකාවට අපනයනය කිරීමට හැකි බවයි, ඇමරිකා නියෝජිතයා පෙන්වා දුන්නේ.

    ඒ අනුව, ජී එස් පි සහනය යටතේ අපනයනය වැඩි කළ හැකි අංශ හඳුනාගැනීමට නව වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබදව ද සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.

    රබර්, කොහුබත් ඇතුලු විවිධ නිෂ්පාදන රැසක් ඇමරිකා එක්සත් ජනපදයට ජී එස් පී සහනය යටතේ යැවිය හැකි බව මෙහිදී අවධාරණය කෙරුණා.

    කොළඹ වරාය නගරය ඉදිකිරීමෙන් පසු මෙරට ආයෝජන කේෂ්ත්‍රයේ සිදුවිය හැකි වර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගෙන තිබේ.

    Latest News