යුවාන් මුදල් ඒකකය ජාත්‍යන්තර ගෙවීම්වල විශාල කොටසක් අත්කර ගනී

පෙබ 21, 2021

    චීනයේ යුවාන් මුදල් ඒකකය ජනවාරි මාසයේදී ගෝලීය ගෙවීම් සඳහා වන ආකර්ෂණීයත්වයෙන් පස්වන ස්ථානය රඳවාගෙන ඇත.

    එහෙත් ජාත්‍යන්තර ගෙවීම්වල විශාල කොටසක් අත්කර ගෙන ඇති බව ලෝක අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සංගමය පවසයි.

    ජනවාරියේදී, ගෝලීය ගෙවීම්වල යුවාන් මුදල් ඒකක අනුපාතය සියයට 2.42 ක් බව සංගමයේ මාසික වාර්තාවේ සඳහන්ය.

    එය 2019 වසරේ එම කාල පරිච්ඡේදයේ පැවති මට්ටමට සාපේක්ෂව සියයට 2.15 ක වර්ධනයකි.

    2020 දෙසැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය මාසයේදී යුවාන් ගෙවීම්වල වටිනාකම සියයට 21.34 කින් ඉහළ ගොස් ඇති අතර, පොදුවේ සියලුම ගෙවීම් මුදල් සියයට 5.86 කින් අඩුවී ඇති බව වාර්තාවේ දැක්වේ.

    හොංකොං විශේෂ පරිපාලන කලාපය යුවාන් ගනුදෙනු සඳහා විශාලතම වෙළඳපොල වන අතර, එම ප්‍රමාණය සමස්ත වෙළඳපොලෙන් සියයට 75.93 ක් වේ .

    Latest News