චීනය යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් වෙයි

පෙබ 20, 2021

    2020 දී යුරෝපා සංගමය චීනයට භාණ්ඩ අපනයනය කිරීම හා ආනයනය කිරීම අතින් “ද්විත්ව වර්ධනයක්” ලබා ඇත.

    චීනය පළමු වරට ඇමරිකාව අභිබවා යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් වී තිබේ.

    යුරෝපා සංගමයේ සංඛ්‍යාලේඛන අංශය විසින් මෑතකදී නිකුත් කරන ලද දත්ත වලට අනුව, 2020 දී චීනය සහ යුරෝපා සංගමය අතර වෙළඳ පරිමාව යුරෝ බිලියන 586 ක් වී ඇත.

    එම කාලය තුළ ඇමරිකාව හා යුරෝපා සංගමය අතර වෙළඳ පරිමාව යුරෝ බිලියන 555 ක් විය.

    වාර්ෂික ප්‍රමිතීන්ට අනුව පළමු වරට චීනය යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස ඇමරිකාව අභිබවා ගියේය.

    Latest News