කොටස් වෙළෙඳපොල මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

ජන 19, 2021

    මේ වසර ආරම්භයත් සමග කොළඹ කොටස් වෙළෙඳපොළේ දක්නට ලැබුණු වර්ධනයට මූලික ‍හේතුව රජය හඳුන්වා දුන් සාධනීය මූල්‍ය පිළිවෙත බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කරයි.

    සමස්ත මිල දර්ශකය ඊයේ දිනයේ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීම විශේෂත්වයක්.

    බ්ලූම්බර්ග් මූල්‍ය ප්‍රකාශන ආයතනයේ ශ්‍රේණිගත කිරීම් අනූව කොළඹ කොටස් වෙළෙඳපොළ ලොව දෙවැනි ඉහළතම වර්ධනයක් පෙන්වා ඇති ව්‍යාපාරවස්තු අයතනයයි. පිට ‍පිට දෙදිනක් තුළ එහි පිරිවැටුම රුපියල් බිලියන දොළහේ සීමාව ඉක්මවා යාම ආයෝජක විශවාසය තහවුරු වීමේ ලක්ෂණයක ලෙසයි සලකනු ලබන්නේ.

    කොළඹ කොටස් වෙළෙඳපොලේ වසර 35ක ඉතිහාසය තුළ ඉහළතම වාසිසහගත ප්‍රතිඵල පෙන්නුම් කර ඇත්තේ, මේ වසරේ ආරම්භක සති 3 ඇතුළතයි.

    Latest News