ගෙවීගිය වසරේ අවසන් කාර්තුවේ මෙරට ආර්ථිකය සංකෝචනයවීමක්

ජන 06, 2021

    2020 වසරේ අවසන් කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමේදී රටේ ආර්ථිකය වසර තුළ දී සියයට 3.9ක පමණ සංකෝචනයවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

    අභියෝගාත්මක දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් තුළ ආර්ථිකයට ප්‍රමාණවත් උත්තේජනයක් ලබාදීම සඳහා මුදල් හා රාජ්‍ය මූල්‍ය මැදිහත්වීම තුළින් අඛණ්ඩව සහයෝගය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන මහ බැංකු අධිපතිවරයා කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ආර්ථිකය නගා සිටුවීමට සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පෙර නොවූ පරිමාණයකින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද කියා සිටී.

    “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති’ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා පසුගිය (04) මේ බව සඳහන් කළේය.

    Latest News