ඩොලරයේ අගය වාර්තාගත ලෙස ඉහළට

දෙසැ 25, 2020

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 190 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටුණේ ඉකුත් මැයි මාසයෙන් පසු පළමුවරටයි.

    ඉකුත් මැයි මස 05 වනදා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තා වුණේ 190.12 ක් ලෙසයි.

    ඉන්පසු අද දිනය දක්වා එම අගය 180 ත් 190 ත් අතර අගයක පැවතිණ.

    එහෙත්, අද දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ රුපියල් 194.66 ක් ලෙසයි.

    එය, ඉකුත් වසරේ අපේ‍්‍රල් මස 21 වනදායින් පසු අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වූ ඉහළම අගය වනවා.

    එමෙන්ම, ඉකුත් 11 වනදායින් පසු අද දක්වා දිගින් දිගටම රුපියලේ අගයට සාපේක්ෂව, අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති ආකාරය ද දැකගත හැකියි.

    මිට අමතරව රුපියලට සාපේක්ෂව සෙසු විදෙස් මුදල් ඒකකවල මිල ද, ඉකුත් දින 03 ක කාලය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක්.

    Latest News