යුරෝපා සංගමය ආර්ථික පුනරුත්ථාපන සැලැස්ම සම්මත කරයි

දෙසැ 13, 2020

    ආර්ථික පුනරුත්ථාපන සැලැස්ම යුරෝපා සංගමයේ ශීත ඍතු සමුළුව නිල වශයෙන් සම්මත කරයි.

    යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක නායකයින් 11 වැනි දින පැවති ශීත ඍතු සමුළුවේදී සංගමයේ දිගුකාලීන අයවැය පිළිබඳ එකඟතාවකට පැමිණ ඇත.

    යුරෝ ට්‍රිලියන 1.8කට වැඩි සමස්ත වටිනාකමක් සහිත ආර්ථික පුනරුත්ථාපන සැලැස්ම පසුගිය ජූලි මාසයේ යුරෝපා සංගමයට ඉදිරිපත් කෙරිණ.

    එම සැලැස්ම විවිධ පාර්ශ්වය විසින් මෙවර නිල වශයෙන් සම්මත කිරීම තුළින් යුරෝපා සංගමයේ බොහෝ සංවර්ධන න්‍යාය පත්‍ර වලට දැවැන්ත අර්ථයක් ලැබෙන බව යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා පැවසීය.

    එමෙන්ම එම සමුළුවේදී හරිතාගාර වායූ විමෝචනය අඩු කිරීමේ නව සැලැස්මක් පිළිබඳව ද එකඟතාවකට පැමිණ ඇත.

    2030 වසර වන විට යුරෝපා සංගමයේ හරිතාගාර වායූ විමෝචනය 1990 වසරේ පැවති අගයට වඩා අවම වශයෙන් සියයට 55කින් අඩු කළ යුතු බව විවිධ පාර්ශ්ව අනුමත කළහ.

    එම ඉලක්කය වෙනුවෙන් දේශගුණය හා බලශක්තිය සම්බන්ධ නීති සම්පාදන යෝජනා යුරෝපා සංගමය විසින් ඉදිරි කාලය තුළ ඉදිරිපත් කරනු ඇත.

    Latest News