මේ වසරේ චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව ඉහළට

දෙසැ 13, 2020

    ආසියානු සංවර්ධන බැංකුව, මේ වසරේ චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව ඉහළ දමයි.

    “2020 වසරේ ආසියාවේ සංවර්ධන අපේක්ෂාව” නමින් ආසියානු සංවර්ධන බැංකුව පසුගියදා පළකළ අතිරේක වාර්තාවේ මේ බව සඳහන් විය.

    වර්තමානයේ චීන ආර්ථික පුනරුත්ථාපන වේගය අපේක්ෂිත අගයට වඩා වැඩිය.

    ඒ හේතුවෙන් මේ වසරේ චීන ආර්ථික වර්ධන අපේක්ෂාව, පෙර ඇස්තමේන්තු කළ සියයට 1.8 සිට සියයට 2.1ක් දක්වා වැඩි වන බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනය කර ඇත.

    එම වාර්තාවට අනුව මේ වසරේ තුන්වැනි කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිතය, පසුගිය වසරේ සමාන කාලසීමාවට වඩා සියයට 4.9කින් වර්ධනය වී තිබේ.

    ගෙවුනු කාර්තු තුනේදී චීන ආර්ථිකය සියයට 0.7කින් වර්ධනය වී ඇත.

    මේ වනවිට චීන කර්මාන්ත වේග‍යෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතී.

    ආහාර, හෝටල් ඇතුළු සේවා කර්මාන්ත ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

    2021 වසරේ චීන ආර්ථික වර්ධන අනුපාතය සියයට 7.7ක් වන බව ඇස්තමේන්තු කෙරේ.

    Latest News