කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇරඹේ

සැප් 18, 2020

    කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අදින් (18) ආරම්භ වෙයි. 22 වන වරට පැවැත්වෙන මෙහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ පෙරවරු 08.30ටයි.

    උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජාතික උරුම, ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක සහභාගී වෙයි.

    ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පොත් ප‍්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ අනූව පැවැත්වෙන බවයි, ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර මහතා පවසයි.

    පොත් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන පාඨක ජනතාව ප‍්‍රදර්ශන භූමියට ඇතුළුවීමට පෙර හා පසු අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කර තිබේ.

    ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු වෙයි.

    Latest News