ඉටුකම - ශේෂය ඉහළට

ජූලි 07, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග COVID – 19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1448 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල රුපියල් 135,044.53 ක් අරමුදලට පරිත්‍යාග කර ඇති අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන හා සැපයුම්) කේ.බී. එගොඩවෙලේ මහතා වෙත බාර දී තිබේ.

    අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රුපියල් 34,865.95ක්, බේරුවල නගර සභාව රුපියල් 131,200ක්, එච්.ඒ. ආරියදාස මහතා රුපියල් 25,447.96ක්, ජනාධිපති කොමිසමේ සභාපති වයි.ටී. චිත්‍රසිරි මහතා රුපියල් 81,315ක් සහ නිසිනි මොවින්යා ගුරුගේ දියණියගෙන් රුපියල් 5,000ක් මෙම අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ඒ අනුව මේ වනවිට, අරමුදලේ ශේෂය රුපියල් 1,448,833,919.15 කි.

    Latest News