සියලු කොටස් මිල දර්ශක ඉහළට

මැයි 15, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 26.29කින් ඉහළ ගියේය.

    දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.393.54ක් ලෙස දැක්විණි. පෙර දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.367ක් ලෙස දැක්වුණු අතර ඒ අනුව අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ වැඩිවීම සියයට 0.60කි.

    කෙසේ නමුත් ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය අද දිනයේදී සියයට 1.28ක එනම් ඒකක 22.13ක පහළ යෑමක් වාර්තා කළේය.

    ඒ අනුව දිනය අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ ඒකක 1,707.02ක් ලෙස සටහන්ව තිබිණි.

    පෙර දිනයේ දී එය ඒකක 1,729.15ක් ලෙස දැක්විණි.

    දිනය අවසානයේදී කොටස් පිරිවැටුම රුපියල් බිලියන 3.6 ඉක්මවා තිබුණු අතර ඊට වැඩිම දායකත්වයක් සපයා තිබුණේ කොමර්ෂල් බැංකුවයි.

    දිනය තුළ කොමර්ෂල් බැංකුවේ රුපියල් බිලියන 2.93ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු වී තිබිණි.

    Latest News