මහබැංකු පොලි අනුපාතයත් පහළට

මැයි 08, 2020

    උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සිවුවතාවක් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කර තිබේ.

    මහ බැංකුවේ මුදල් මණ්ඩල විශේෂ රැස්වීමේ දී වාර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.50 දක්වාත් පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

    මෙම තීරණයත් සමඟ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ග වලට අමතරව මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත පදනම් අංක 150කින් අඩු කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    Latest News