කවදත් නැතිවම බැරි ශ්‍රි ලංකා තේ - කොවිඩ් නිසා තවත් ඉහළට

අප්‍රේ 09, 2020

    කොවිඩ්  - 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙළඳපලේ ශ්‍රි ලංකාවේ තේ සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

    තේ වෙන්දේසියේදි උඩරට සහ පහත රට තේ සඳහා වාර්තාගත මිලක් ලැබුණු බව වාර්තා වේ.

    කොවිඩ් - 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි (08) දින පැවැත් වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිෂ්පාදන තේ කිලෝවක් සඳහා වාර්තාගත මිලක් ලැබි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටී.

    උඩරට සහ පහතරට තේ කිලෝවක් සඳහා පැවති තේ වෙන්දේසියේදි රු 700/= මිලක් ලැබුණු බවත් අවසන් වරට පැවති තේ වෙන්දේසියේ ලැබුණු තේ කිලෝවක් සඳහා ලැබුණු මිලට වඩා මිලට වඩා රුපියල් 100 ක වැඩි වී ඇති බවයි, වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

    මධ්‍යම කදුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ ඵලදාව අඩුවී තේ නිෂ්පාදනය 40% කින් පහත වැටි ඇති බවත්, තේ කර්මාන්තය කඩාවැටීමේ අවධානමක පැවති සමයේ උඩරට සහ පහතරට තේ කිලෝවක් සඳහා රුපියල් 700 ක මුදලක් වෙන්දේසියේදි මිල ඉහළ යාම තේ කර්මාන්තයේ අනාගතය පිළිබඳව තවදුරටත් විශ්වාසය තබා ගත හැකි බවයි, වතු අධිකාරිවරුන් කියා සිටියේ.

    කොවිඩ් - 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙළඳපලේ ශ්‍රි ලංකාවේ තේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත්, මේ දිනවල විදේශිකයින් තේ පානය වැඩි වශයෙන් සිදු කරන බවයි, වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

    ශ්‍රි ලංකාවේ තේ සඳහා ලෝක වෙළඳපලේ දැනට පවතින ඉල්ලුම එලෙසම තව මාස කිහිපයක් පැවතිය හොත් රුපියලේ අගය කඩා වැටිම තරමක් දුර පාලනය කර ගත හැකි බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ අනාගතය ද යහපත් වන බවයි, වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියා සිටියේ.

    Latest News