ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යන ලකුණු

අප්‍රේ 04, 2020

    ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉදිරියේ දී ඉහළ යනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සෞදි අරාබියේ සහ රුසියාව අතර පැවැත්වෙන සාකච්ජා මීට හේතුව බව වාර්තා වෙයි.

    සෞදි අරාබියේ සහ රුසියාවේ කඹ ඇඳීම හේතුවෙන් පසුගිය දිනවල ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගියේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සඳහන් කර සිටියේ, තෙල් මිල සම්බන්ධයෙන් රුසියාව සහ සෞදි අරාබිය එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

    මෙම ප්‍රකාශයත් සමග එක් දිනක් තුළ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල 10%කින් පමණ ඉහළ ගියේය. රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා කියා සිටියේ, බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 10කින් පමණ අඩු කළ යුතු බවයි.

     

     

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 13:45

    Latest News