පහළ වැටුණ බොරතෙල් මිලෙන් ආර්ථිකයට හානි

මාර් 23, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එය මුල්කර ගනිමින් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    ඊයේ දිනයේ ආසියා පැසිපික් කලාපයේ කොටස් වෙළෙඳපොළ රැසක් උග්‍ර පසුබෑමක් පෙන්නුම් කර තිබේ. බටහිර රටවල් රැසක ද කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේ පසුබෑමක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    එසේම, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත බැසීම රටවල් රැසක ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපා ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එම තත්වයෙන් මිදීම සඳහා රටවල මහ බැංකු හා රජයන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ආයෝජකයින් අවධානයෙන් පසුවන බව ද, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Last modified on සදුදා, 23 මාර්තු 2020 11:51

    Latest News