එළවළු මිල පහළට

මාර් 04, 2020

    වෙළෙඳ පොළේ එළවළු මිලගණන් මේ දිනවල පහළ බසිමින් පවතිනවා.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නාඩි වෙළෙඳාම නමැති අතරමැදි වෙළෙඳාම සහ එළවළු කිලෝ 5ට වඩා අඩුවෙන් අලෙවි කිරීම මුලුමණින්ම නතර කිරීමට එහි වෙළෙඳ සංගමය ගත් තීරණය ද ඊට හේතුවූ බවයි වෙළෙඳුන් පවසන්නේ. ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව එම තීරණය ගත් බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය ප්‍රකාශ කළා.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළුවළු හා පළතුරු රැගෙන එන ගොවීන්ගෙන් මෙම නාඩි වෙළෙඳුන් තමන් විසින් නියම කරනු ලබන මිලකට ඔවුන්ගේ අස්වනු ලබාගෙන පිට පළාත්වලින් පැමිණෙන වෙළෙඳුන් වෙත වැඩි මිලට අලෙවි කිරීම කලක සිට සිදුව තිබෙනවා.

    නාඩි වෙළෙන්දන් වැඩි උනන්දුවක් දක්වා ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව හා අවම වශයෙන් ලැබෙන එසේම, පාරිභෝගිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින එළවළු වර්ග සඳහායි. ඒ අනුව, ගොවීන්ට සහ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ට නොලැබෙන අමතර ආදායමක් උපයා ගැනීමට නාඩි වෙළෙන්දන්ට හැකිවී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය පවසන්නේ මෙය දීර්ඝ කාලයක සිට සිදුවූවක් බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 08:41

    Latest News